ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත් විට ඉහළින්ම තිබෙන්නේ පාසල් ක්ෂේත්‍රයයි.නමුත් වර්තමානය වන විට අධ්‍යාපනයේ අංක 01 බවට පත් වෙමින් තිබෙන්නේ ටියුෂන් අධ්‍යාපනයයි. ඒ අනුව අද දෙමව්පියන් තම දරුවන්ට පාසල් අධ්‍යාපනය පමණක් ලබා දී සෑහීමකට පත් වන්නේ නැත. තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් පසු පසින් දෙමව්පියන්ද දුවමින් සිටී.
දරුවා හය හතර තේරුම් ගැනීමට පටන් ගත් දා සිටම වෙහෙසකාරී අධ්‍යාපනයට තල්ලු කර දමන්නේද දෙමව්පියන් විසිනි. ලංකාව තුළ උපකාරක පංති සදහා දරුවන් යොමු කිරීම ශිෂ්‍යත්ව විභාගයෙන් ආරම්භ වෙයි.ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන්නේ වසර 2-3 කට පෙර සිටය.
ඒ අනුව හතු පිපෙන්නා සේ සෑම ගම් නගර පුරාම ටියුෂන් රැල්ල පිළිලයල් තරමටම වර්ධනය වී හමාරය. එකල නගර ආශ්‍රිතව වැඩි වශයෙන් ප්‍රචාරණය වුවද අද වන විට “ගෲප් ක්ලාස්” (තනි හා කණ්ඩායම් පංති) රැල්ල ගමේ ගස්, ගල් , තාප්ප හරහා පවා ප්‍රචාරණය කරයි.
දැනුම ලබා ගැනීමට වඩා වර්තමානයේ මෙය රැල්ලක් වී හමාරය. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය, සාමන්‍ය පෙළ , උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් උපකාර පංති සදහා සහභාවී වීම අත්‍යවශ්‍ය කරුණක් සේ සලකති. බොහෝ විට පාසල් ගුරුවරුන් තමන්ගේ පාසල් රාජකාරියට වඩා උපකාරක පංති සදහා කැපවීමෙන් සිටින අවස්ථා අසන්නට දකින්නට ලැබේ.
ටියුෂන් පංති ජනප්‍රිය කර ගැනීමට දැන්වීම් නිර්මාණය වන නමුත් ඒවාගේ කිසිදු සභ්‍යත්වයක් නම් දක්නට නැත. ටියුෂන් පංති ජනප්‍රිය කර ගැනීමට පෝස්ටර් , අත්පත්‍රිකා වලින් ඔබ්බට ගොස් ටික් ටොක් වැනි වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය භාවිතා කරන ආකරය දක්නට ලැබේ.
රටක නිදහස් අධ්‍යාපනයක් පවතිද්දී මෙලෙස මුදල් ගෙවා අමතර අධ්‍යාපනයක් ලබා ගන්නේ මන්ද යනුවෙන් විසදුමක් නොමැති ගැටලුවක් තවමත් පවතී. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ පාසල් අධ්‍යාපනයේ අගය බිංදුවටම වැටීමයි. ටියුෂන් අධ්‍යාපනය නිසි නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක නොවුනහොත් නිදහස් අධ්‍යාපනය වල පල්ලට යන දිනය වැඩි ඈතක නම් නොවේ.අහිංසක දෙමව්පියනගේ මුදල් සූරාකන පාසල් දරුවන්ගේ සංස්කෘතිය විනාශ වන ටියුෂන් රැල්ල මාෆියාවක් වීම වැලැක්වීම කිසිවෙකුටත් වැලැක්වීමට නොහැකි වනු ඇත.
දිල්කි රත්නායක.