
සිය පාලන කාලය තුළ සිදුවූ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන්, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමාව අයැද සිටියා. එසේම ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරඟ කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා එලෙස කතෝලික ජනතාවගෙන් සමාව ගැනීම, පිළිගත නොහැකි බවයි කතෝලික සභාව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප‍්‍රකාශ කළේ.
කතෝලික ජනතාවගෙන් හිටපු ජනාධිපතිවරයා සමාව ගන්නේ මනාප වැඩිකර ගැනීමේ අවශ්‍යතාවට බවයි කොළඹ අගරදරඟුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඞ් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු පියතුමන් එහිදී කියා සිටියේ.