/
/
title icon
විරෝධතාකරුවන්ට හෙට ගාලූ මුවදොරට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක්.
විරෝධතාකරුවන්ට හෙට ගාලූ මුවදොරට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක්.
Editor
2 years ago
Share:
විරෝධතාකරුවන්ට හෙට ගාලූ මුවදොරට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක්.

‍75 වන ජාතික නිදහස් දින සැමරුම හෙට කොළඹ ගාලූ‍මුවදොරදී අභිමානවත් අයුරින් සැමරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන්. 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත සුබ පතා තිබූ අතර ශ‍්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ඔහු එහිදී සඳහන් කර තිබුණා.

නිදහස් උළෙල වෙනුවෙන් පෙර පුහුණුවීම් අදත් ගාලූ‍මුවදොරදී පැවැත්වුණා.හෙට දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද කොළඹ මාර්ග කිහිපයක ක‍්‍රියාත්මකයි.

මේ අතර, හෙට පැවැත්වෙන නිදහස් දින සැමරුමට බාධා වන පරිදි ගාලූ‍ මුවදොර භූමියට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අද නියෝගයක් නිකුත් කළා.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ බහුජන සංවිධාන ඇතුළු විපක්ෂ ක‍්‍රියාකාරින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් තහනම් කරන ලෙස කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලූ‍පිටිය පොලිස් ස්ථාන විසින් සිදුකළ ඉල්ලීම් සලකා බැලූ අවස්ථාවේදියි.

ගාලූ‍ මුවදොර භූමියට ඇතුළු වන නිදහස් වටරවුම, අලියානා වටරවුම, මාකර් මාවත, මුහුදු මාවත ඇතුළු මාර්ග වලට ඇතුළු වීම වළක්වාලමිනුයි කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේ. කෙසේ වෙතත් සාමකාමීව උද්ඝෝෂණය කිරීමට හැකියාව පවතින බවද මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.

හෙට සංවිධාන කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් රජරට විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හේෂාන් හර්ෂණ අද පැවති මාධ්‍ය හමුවකදී දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර, අරගලයේ ක‍්‍රියාකාරින් අද පස්වරු 03 ට පමණ මරදාන – එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කළා. මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය අද රාත‍්‍රි 12 සිට හෙට පෙරවරු 11 දක්වා කාලය තුළ කොල්ලූපිිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required