
වෙනත් රාජ්‍ය ආයතන වෙත ප‍්‍රතිපාදන මාරුකළ යුත්තේ අත්‍යවශ්‍ය හා හදිසි මහජන සේවා සඳහා පමණක් බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා.
රජයේ වියදම් පාලනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනයක් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඊයේ දින නිකුත් කළා.
ඒ අනුව වෙනත් කටයුතුවලට ප‍්‍රතිපාදන මාරුකර වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට නොහැකි බව එහි දැක්වෙනවා.
ඊට අමතරව වැටුප්, විශ‍්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අයවැය චක‍්‍රලේඛය මගින් ප‍්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනු ඇති.