
කතරගම – කොච්ච්පතාන ප‍්‍රදේශයේ එකම පවුලේ තුන්දෙනෙකුට නිල් මැණික්ගල් 05 ක් හමුවීමේ පුවතක් වාර්තා වනවා. කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් වෙනුවෙන් පූජා භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් තුන්දෙනෙකුටයි මෙලෙස නිල් මැණික් ගල් හමුවී ඇත්තේ.
මීට වසර ගණනාවකට පෙර කතරගම – කොච්ච්පතාන ප‍්‍රදේශයේ මැණික් ඉල්ලම් තිබූ ස්ථානයක් වන අතර මෑතක සිට ජනතාව නැවතත් එම ප‍්‍රදේශයේ මැණික් ගැරීමට පුරුදුව සිට තිබෙනවා. මෙලෙස මැණික් ගල් හමුවීමත් සමඟ එම ස්ථානයට පැමිණෙන පිරිස වැඩිවී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අදාළ ස්ථානයේ ඉල්ලම් හාරමින් සිටියදී විශාල පාෂාණ කුට්ටියක් මතුව ඇති අතර අදාළ පුද්ගලයින් තුන්දෙනා එය තවදුරටත් පරීක්ෂා කිරීමේදීයි මෙලෙස නිල් මැණික් ගල් 05 හමුවී ඇත්තේ.
මෙලෙස හමුවූ මැණික් ඇලහැර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් කෝටි පහක මුදලකට අලෙවිකර ඇති බවද වාර්තා වනවා.