/
/
title icon
ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගෙන් ශ‍්‍රී ලංකාවට සහන.
ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගෙන් ශ‍්‍රී ලංකාවට සහන.
Editor
2 years ago
Share:
ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගෙන් ශ‍්‍රී ලංකාවට සහන.

ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට සහභාගිවීම සඳහා තමන් සූදානම් බව ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක‍්‍රියාපාටිපාටීන්වලට අනුගත වෙමින් ඊට අදාළ සාකච්ඡා සඳහා සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ සඳහා ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නීති උපදේශකයන් වන වයිට් ඇන්ඩ් කේස් සමාගම මැදිහත්වනු ඇති.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබාගැනීම සඳහා වන එකඟතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ‍්‍රී ලංකාවට හිමිවුණා.

ඊට අදාළව අරමුදල් ලබාගැනීමට පෙර ශ‍්‍රී ලංකාව ද්විපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් සමඟ මේ වනවිට ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required