
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළා. ගාමිණී අමරසේකර, කුමුදුනී වික‍්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප‍්‍රකාශයට පත් කළා.
මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අද දින තෙක් විදුලිය කප්පාදු නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඊයේ අධිකරණයට ලබා දුන් ප‍්‍රතිඥාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විරෝධය පළකර තිබෙනවා. එම අවස්ථාවේදී නඩු ගොනුව පරීක්ෂාකල විනිසුරු ගාමිණී අමරසේකර අදාළ ප‍්‍රතිඥාව ලබාදී තිබෙන්නේ අද දින පෙත්සම සලකා බලන අවස්ථාව තෙක් පමණක් බව පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පෙත්සමෙන් කර තිබෙන ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියා.
මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන මොහාන් සමරනායක, උදේනි වික‍්‍රමසිංහ එම කොමිසමෙන් ඉල්ලා අස්වී ඇති බවද අද පස්වරුවේ වාර්තා වුණා.