
අනුරාධපුර – පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බවට වාර්තා වනවා. දෛනිකව දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් වැඩි ප‍්‍රමාණයක් ගමන් කරන මෙම ස්ථානයේ කිඹුලෙකු සිටීමේ අවදානම හේතුවෙන් දැන්වීම පුවරු ප‍්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සංචාරකයින්ට පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණ භාවිත කිරීමට හෝ පොකුණට තුළට බැසීම සිදු නොකරන ලෙස දැනුම් දී තිබුණද, ඒ අසන්නයට සංචාරකයින් ගමන් කිරීම හේතුවෙන්, අනතුරක් සිදුවීමට ඇත්තේ දැඩි අවදානම් තත්වයක්.
කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර – පූජා නගරය අයත්වන මධ්‍යම නුවරගම් පළාතේ ප‍්‍රාදේශීය ලේකම් ආර්. එම්. ඩී. සේනාරත්න ගෙන් විමසීමක් කර අතර එහිදී ඔහු සඳහන් කළේ, වනජීවී නිලධාරීන් සමඟ එක්ව හැකි ඉක්මනින් මෙම කිඹුලා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.