
75 වන නිදහස් සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ, රට මේ මොහොතේ අතිශය තීරණාත්මක හා අභියෝගාත්මක කාලයකට එළඹ ඇති බවයි.
එමෙන්ම ප්‍රෞඩ ජාතියක් වූ ශී‍්‍ර ලාංකික ජාතිය නැවත ශක්තිමත් කරමින් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට පිය නැගීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා නිකුත් කර නිවේදනයේ වැඩිදුරටත් දැක්වනුයේ මෙම කාලසීමාව තුළ ඉවසීම් සහගතන අධිෂ්ඨානශීලීව කටයුතු කරන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අන්තවාදීන්ගෙන් හා බෙදුම්වාදීන් ගෙන් දිනාගත් නිදහස සුරැකීමට කැපකිරීම් සිදු කළ සියලූ හමුදා සාමාජිකයන්ට ප‍්‍රණාමය පුද කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මාතෘ භූමිය වෙනුවෙන් සිය ප‍්‍රාණ වායුව පුද කළ විරුවන් ගෞරවයෙන් සිහිපත් කරන බවයි.