
නිදහසේ සත්‍යග‍්‍රහය නමින් සමාජ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් මරදාන – එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ ආරම්භ කළ සත්‍යග‍්‍රහය පොලිසිය ජල ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 3 ට පමණ මෙම සත්‍යග‍්‍රහය ආරම්භ වූ අතර, රාත‍්‍රී 10 ට පමණ එම ස්ථානයට පැමිණි කිසියම් පිරිසක් විරෝධතාකරුවන් සමඟ ගැටුමක් ඇති කරගැනීමට උත්සහ දරා තිබෙනවා.
අනතුරුව පොලිසිය ඔවුන්ට ජල ප‍්‍රහාර එල්ල කර එම ස්ථානයෙන් ඔවුන් ඉවත් කරනු ලැබුවා. පසුව කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් විසින් එම පිරිසට අවට ප‍්‍රදේශයෙන් ඉවත්ව යනතුරු බැටන් ප‍්‍රහාර එල්ල කර තිබුණා.
මේ අතර පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේදී ඊට සම්බන්ධ වූවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.