/
/
title icon
75 වන ජාතික නිදහස් දින සැමරුම අදයි.
75 වන ජාතික නිදහස් දින සැමරුම අදයි.
Editor
2 years ago
Share:
75 වන ජාතික නිදහස් දින සැමරුම අදයි.

‍75 වන ජාතික නිදහස් දින සැමරුම අද හේතුවෙන් අදත් විශේෂ රථ වාහන සැලැස්මක් ගාලූමුවදොර ඇතුළු කොළඹ නගරයේ මාර්ග කිහිපයක ක‍්‍රියාත්මකයි.

මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3,284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179 ක්, නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52 ක් සහභාගි වනවා.

ගුවන් හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයන් 695 ක් සන්නද්ධ රථ 109 ක් සහ පොලිසියේ 336 දෙනෙකු මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.

සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 437 දෙනෙකු මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සහභාගි වනවා.

යුධ හමුදාවේ 3,284 දෙනෙකු, නාවික හමුදාවෙන් 867 දෙනෙකු සහ ගුවන් හමුදාවෙන් 695 දෙනෙකු මෙවර නිදහස් දින පෙළපාලියට එක්වනවා.

නිදහස් දින උත්සවයට සහභාගි වීම සදහා බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මූමල්, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය බිමාලා රායි පෝද්යාල් දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර, ජපන් විදේශ අමාත්‍ය සන්ෂුකේ ටකේ, මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඞ් සහ භූතාන අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බීර් රායි ද මෙරටට පැමිණ ඇති බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.

මේ අතර, අද පැවැත්වෙන නිදහස් දින උත්සවයට බාධා වන පරිදි ගාලූ‍මුවදොර භූමියට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ ඊයේ නියෝගයක් නිකුත් කළා.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ බහුජන සංවිධාන ඇතුළු විපක්ෂ ක‍්‍රියාකාරින් සංවිධානය කර ඇති උද්ඝෝෂණය තහනම් කරන ලෙස කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලූ‍පිටිය පොලිස් ස්ථාන විසින් සිදුකළ ඉල්ලීම් සලකා බැලූ අවස්ථාවේදියි.

මේ අතර 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ ඔවුන් අද දිනයේදී බන්ධනාගාරයෙන් පිටව යන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required