/
/
title icon
පෙබරවාරියට මිලියන 770 ක් මැතිවරණ කොමිසම ඉල්ලයි.
පෙබරවාරියට මිලියන 770 ක් මැතිවරණ කොමිසම ඉල්ලයි.
Editor
2 years ago
Share:
පෙබරවාරියට මිලියන 770 ක් මැතිවරණ කොමිසම ඉල්ලයි.

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුවන්වැල්ලේ අද පැවති ජන හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා පෙබරවාරි මාසය සඳහා පමණක් රුපියල් මිලියන 770 ක මුදලක් ලබාදෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා කියා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදුකළ බවයි.

එමෙන්ම තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය හෙට හෝ අනිද්දා ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප‍්‍රකාශ කළා. ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවත්, ඊට අදාළ සෝදුපත් බැලීම සිදු කෙරෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required