
සිය කුඩම්මාගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිවූ අවුරුදු 11 දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව එම කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරදන්කඩවල පදිංචි දැරිය පා ගමනින්ම හොරොව්පතානේ පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දැරියගේ මව මීට වසර 05 ට පමණ පෙර මියගොස් ඇති අතර, පියා නැවත විවාහ වී ඇති අතර, ඇයටද පෙර විවාහයේ දරුවෙකු සිටින බව සඳහන්.
දැරියගේ පියා සහ මිත්තනිය පොලිසියට ගෙන්වා විමර්ශනයක් සිදුකර දරුවා පියා හට බාරදීම හෝ අධිකරණයට කරුණු වාර්තා කර පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, දින දෙකක් වයසැති බිළිදෙකු ත‍්‍රිකුණාමලය සර්ධාපුර මාර්ගයේ දමා ගොස් සිටියදී ගම්වැසියන් විසින් සොයාගෙන පොලිසියට බාරදී තිබෙනවා.
බිළිඳා මේ වනවිට ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර, දරුවා මහ මඟ දමාගිය පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති බවයි ත‍්‍රිකුණාමලය පොලිසිය සඳහන් කළේ.