
ආර්ථික අර්බුදයක් පැවතියද ශ‍්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි වී නොමැති බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් පවසනවා. ඇය මේ බව කියා සිටියේ සිටියේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේ ප‍්‍රධාන දේශනය සිදුකරමින්.
පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ‍්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බවට මහලේකම්වරිය එහිදී සහතික වී තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් පසු පැන නැගුණු සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටලූ සියලූ දෙනා එක්ව ජයගත යුතු බවයි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ සහ අප‍්‍රිකාවේ හොඳ මිතුරියක් බවයි. එමෙන්ම ඇය ශ‍්‍රී ලංකාවේ චින්තනය නියෝජනය කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ සමුළුවට සහභාගිවීම සතුටට කරුණක් බවයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ.
මේ අතර ඉන්දියාව සමඟ සමඟ සිදුකරන ගනුදෙනු ශක්තිමත් කිරීමේ අරමුණෙන් ඉන්දියානු රුපියල භාවිත කරමින් ඉන්දියාව සමඟ සිදුකරන වෙළඳාම් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ පවසනවා. නිදහස් දිනය වෙනුවෙන් අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ.