
ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර පත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඊට අදාළ ලිපිය ඔහු වෙත යොමුකර ඇති අතර, එහි දැක්වෙන්නේ පසුගිය 2 වනදා සිට අදාළ පත් කිරීම බලපැවැත්වෙන බවයි.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, එය ලබන වසරේ ජූලි මස 16 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.
ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකත්වයෙන් පසුගියදා එහි සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික‍්‍රමසිංහ ඉල්ලා අස්වුණා.