/
/
title icon
2030 දී මෙරට වැඩිහිටි ජනගහණය සියයට 21 දක්වා ඉහළට.
2030 දී මෙරට වැඩිහිටි ජනගහණය සියයට 21 දක්වා ඉහළට.
Editor
2 years ago
Share:
2030 දී මෙරට වැඩිහිටි ජනගහණය සියයට 21 දක්වා ඉහළට.

වසර 2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසනවා. මෙරට වැඩිහිටි ජනගහනය මේ වනවිට පවතින්නේ 14.6% ක මට්ටමකයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.

මිලියන 03 කට අධික වැඩිහිටි ජනතාවක් මෙරට වෙසෙන අතර, වයස අවුරුදු 70 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීම සඳහා 2020 වර්ෂයේදී රුපියල් මිලියන 10,000 ක ප‍්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඉන් ප‍්‍රතිලාභීන් හාරලක්ෂ 16,667 කට රුපියල් මිලියන 9.868 ක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම, වයස අවුරුදු සියයට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 400 කට රුපියල් මිලියන 20 ක ප‍්‍රතිපාදන 2020 වර්ෂය තුළදී ලබාදී තිබෙනවා.

2020 වර්ෂයේදී නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත් සංඛ්‍යාව 62,279 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required