/
/
title icon
ලිට්රෝ ගෑස් මිල ඉහළට.
ලිට්රෝ ගෑස් මිල ඉහළට.
Editor
2 years ago
Share:
ලිට්රෝ ගෑස් මිල ඉහළට.

කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රුපියල් 334 කින් ඉහළ දැමීමට කටයුතු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743 ක් බවයි.

එසේම කිලෝග‍්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් රුපියල් 134 කින් ඉහළ දැමෙන අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,904 ක්.

ඊට අමතරව කිලෝග‍්‍රෑම් 2.3 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 61 කින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 883 ක් බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් කියා සිටියේ.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල උච්චාවචනයන් සැළකිල්ලට ගෙන මෙම සංශෝධනයන් සිදුකර ඇති බවද සභාපතිවරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required