/
/
title icon
බිලියන 05 ක් වටිනා බහාලූම් 88 ක් ඉවත් කිරීමට පියවර.
බිලියන 05 ක් වටිනා බහාලූම් 88 ක් ඉවත් කිරීමට පියවර.
Editor
2 years ago
Share:
බිලියන 05 ක් වටිනා බහාලූම් 88 ක් ඉවත් කිරීමට පියවර.

ශ‍්‍රී ලංකාවට ආනයනය කර රේගුව විසින් රඳවා ගත් රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ බහාලූම් 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගතකර ඇති බව හෙළිව තිබෙනවා. විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී හෙළිව ඇත්තේ මේ හේතුවෙන් වරාය අධිකාරියට විශාල පාඩුවක් මෙන්ම ගුදම් හා පර්යන්තවල ඉඩඇහිරීම හේතුවෙන් පරිපාලන ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

මෙලෙස සිරවී ඇති භාණ්ඩ අතර 2015 වසරේදී රඳවා ගත් පුවක් බහාලූම් 12 ක්, 2019 වසරේදී රඳවා ගත් බාස්මතී සහල් බහාලූම් 39 ක්, 2020 වසරේ රඳවා ගත් ටයිල් බහාලූම් 15 ක්, 2013 වසරේ රඳවා ගත් වාහන අමතර කොටස් බහාලූම් 05 ක් වනවා. ඊට අමතරව 2019 වසරේ රඳවා ගත් රෙදි පිළි සහ ලිපිද්‍රව්‍ය බහාලූම් 04 ක් මෙන්ම 2020 සහ 2021 වසරවල මත්පැන් සහ එතනෝල් බහාලූම් 04ක් ද මේ අතර වන බවයි වාර්තා වන්නේ.

මෙම බහාලූම්වලින් බිම් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 2445 ක් වරාය අධිකාරියට අයවිය යුතු බව එහි නිලධාරින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. මීට අමතරව 2015 වසරේ සිට රඳවා ගත් බෙන්ස් සහ රේන්ජ් රෝවර් රථ දෙකක් ඇතුළු මෝටර් රථ සහ ලොරි රථ 40 ක් පමණ වරාය අධිකාරිය පර්යන්තයේ දිරාපත් වන බවද හෙළිව තිබෙනවා.

වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන් රේගුව උපයාගත් මුදලින් අයකරගැනීමට නීතියෙන් ඉඩක් නොමැති බැවින් දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලූම් 88 ක් සතියක් ඇතුළත ඉවත්කිරීමට කටයුතු කරන ලෙසයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා උපදෙස් ලබාදී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required