
ගෑස් මිල ඉහළ දැමුවද ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම ගෑස් මිල ඉහළ ගියද බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යාමක් සිදුනොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද ප‍්‍රකාශ කළා.
මේ අතර කර්මාන්ත සඳහා යොදාගන්නා කිලෝග‍්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යනු ඇති බවට ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා.
සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලූක්ෂ කුමාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ එලෙස මිල ඉහළ දැමුවහොත් සිය කර්මාන්ත පවත්වාගෙන යෑමට ගැටළුකාරී තත්වයක් මතුවන බවයි.
මේ අතර කිරි ගොවීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙනවා. දැනට කිරි ලීටරයක් සඳහා රුපියල් 140 ක මුදලක් ගෙවන අතර, එය රුපියල් 160 දක්වා පසුගිය 1 වනදා සිට ඉහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම සඳහන් කළේ.