
අරණායක – ගොඩිගමුව ප‍්‍රදේශයේ අම්බලමකදී පියා විසින් දරු දෙදෙනා ඝාතනය කර ඔහුද ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස මියගිය පියාගේ වයස අවුරුදු 33 ක් වන අතර, ගැහැණු දරුවා නව හැවිරිදි වියේයි පසුවන්නේ. මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු හයක් බව පොලිසිය සඳහන් කළා.
මිය ගිය පුද්ගලයා මීට මාස 2කට පමණ පෙර අරණායක සිට සිය බිරිද සහ දරු දෙදෙනා සමඟ තම උපන්ගම වන ගිරිඋල්ල ප‍්‍රදේශයට පදිංචියට පැමිණ තිබෙනවා.
එහිදී ස්වාමියා සමඟ ඇති කරගත් ආරවුල් හේතුවෙන් ඇය, අරණායක ප‍්‍රදේශයේ සිය නිවසට පෙරේදා පැමිණ තිබුණා. සිය බිරිඳ කැඳවාගෙන ඒමට දරු දෙදෙනා සමඟ අරණායක නිවසට ඊයේ පැමිණ ඇති මෙම පුද්ගලයා එදින පස්වරු 5 ට පමණ දරුවන් සමඟ නැවත ගිරිඋල්ල ප‍්‍රදේශයේ සිය නිවසට යන බව පවසා පිටත්ව ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
පසුව අළුයම පොලිසියට ලද තොරතුරකට අනුවයි අදාළ පුද්ගලයා සහ දරු දෙදෙනා මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා.