
ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ වත්මන් සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කි මූන් අද දිවයිනට පැමිණීමට නියමිතයි.
එහිදී ඔහු, හරිත සංවර්ධනය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහු, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහද මුණගැසීමටද නියමිත අතර, එහිදී දේශගුණ විපර්යාස අධ්‍යයනය කිරීම පිළිබඳ විශ්වවිද්‍යාලය ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ප‍්‍රකාශ කළේ.