
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප‍්‍රදේශය ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8 ක අගයක් ගත් භූ කම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය ගණන 200 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් දහසක් පමණ කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවී තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මේ දක්වා වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ප‍්‍රකාශ කළා. පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ.
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප‍්‍රදේශය ආසන්නයේ සිදුවූ මෙම භූ කම්පනය සයිප‍්‍රස්, ග‍්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව සහ ඊශ‍්‍රායලයටද දැනී තිබුණා.
වසර 100 කට පසු එම කලාපයට බලපෑ දරුණුතම භූ කම්පනය මෙය වනවා. තවදුරටත් ගළවාගැනීමේ මෙහෙයුම් සිදුවන අතර, ඊට සහය ලබාදෙන ලෙසයි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ.
අවසන් වරට තුර්කියට මෙවැනි දරුණු භූ කම්පනයක බලපෑම සිදුව ඇත්තේ 1999 වසරේදී වන අතර, ඉන් පුද්ගලයන් 17,000 ක් මියගියා.