/
/
title icon
පෙම බිඳුණු සොවින් පුද්ගලයෙකු ගිනි තබා ගෙන මියයයි.
පෙම බිඳුණු සොවින් පුද්ගලයෙකු ගිනි තබා ගෙන මියයයි.
Editor
2 years ago
Share:
පෙම බිඳුණු සොවින් පුද්ගලයෙකු ගිනි තබා ගෙන මියයයි.

පොළොන්නරුව – මැදිරිගිරිය නගරයේ පොදු ක්‍රීඩාංගනය තුළදී පුද්ගලයෙකු පෙට‍්‍රල් සිය සිරුරට දමා ගිනි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව – ලංකාපුර ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පෙදරේරුවෙක්.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම ගිනි තබා ගැනීම සිදු කර තිබෙනවා.

මේ අතර, තන්තිරිමලේ – නිල්මල්ගොඩ වැවේ දිය නෑමට ගිය 74 හැවිරිදි කාන්තාවක් කිඹුල් ප‍්‍රහාරයකට ලක්ව ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

කිඹුලා මෙම කාන්තාව ඩැහැගෙන යමින් සිටියදී ප‍්‍රදේශවාසීන් ඇයව මුදවාගෙන තන්තිරිමලේ රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගියේ තන්තිරිමලය – බූගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required