
ණය සම්බන්ධයෙන් චීනයේ ප‍්‍රතිපත්තිය වෙනස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී ක‍්‍රිස්ටියානා ජෝර්ජියේවා පවසනවා. විදෙස් මාධ්‍යයක් වෙත සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ඇය සදහන් කර ඇත්තේ අඩු ආදායම්ලාභී රටවලට මෙම ණය ආපසු ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ණය ප‍්‍රතිව්‍යුහගතකරණය ප‍්‍රමුඛ මාතෘකාවක් වී ඇති බවයි.
වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සාම්ප‍්‍රදායික ණය දෙන්නන්, නව ණය දෙන්නන් මෙන්ම පෞද්ගලික අංශයේ ණය දෙන්නන්ද සම්බන්ධ කරගෙන ණය ප‍්‍රතිව්‍යුහගතකරණය පිළිබද අන්තර්ජාතික වට මේස සාකච්ඡුාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඇය එහිදී හෙළි කර තිබෙනවා.
පෙබරවාරි මාසය අවසානයේ ඉන්දියාවේ පැවැත්වෙන මෙම සාකච්ජාව සදහා චීනයේ මුදල් අමාත්‍යවරයා සහ එරට මහබැංකුවේ ප‍්‍රධානීන්ද සම්බන්ධ වනු ඇති බවයි ඇය පවසා ඇත්තේ.
ලබන මාර්තු මස 31 වනදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීමට නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය යළි බරපතල වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප‍්‍රකාශ කළා. ඊට පෙර යමක් ලබාගැනීමට උත්සහ කරන බවයි අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.