/
/
title icon
ගැසට් කළ නව පාලන මිල බිත්තර නිෂ්පාදකයින් අධිකරණයේදී පිළිගනී.
ගැසට් කළ නව පාලන මිල බිත්තර නිෂ්පාදකයින් අධිකරණයේදී පිළිගනී.
Editor
2 years ago
Share:
ගැසට් කළ නව පාලන මිල බිත්තර නිෂ්පාදකයින් අධිකරණයේදී පිළිගනී.

බිත්තර සදහා නව පාලන මිලක් නියම කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සෑහිමකට පත්වන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ අභියාචනාධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා. ඒ අනුව බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් කරමින් පසුගිය වසරේ අගොස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ඉවත්කරගැනීමට සූදානම් බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.

එහිදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ සුදු බිත්තරයක් රුපියල් 44කට සහ රතු බිත්තරයක් රුපියල් 46කට අලෙවි කළ යුතු බවට නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. එසේම අගෝස්තු මාසයේ පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර මිලියන 25 ක් පමණ අමතරව විකුණා විශාල අයුතු ලාභයක් උපයාගෙන ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ඉල්ලා අස්කරගැනීමේදී ආදර්ශ නඩු ගාස්තුවක් නියම කරන ලෙසයි. එම ඉල්ලීම පිළිබඳ විභාගය මාර්තු 30 වනදා සිදුකරන බවයි අධිකරණය දැනුම් දුන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required