/
/
title icon
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට ඇප.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට ඇප.
Editor
2 years ago
Share:
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට ඇප.

පසුගිය වසරේ මැයි මස 09 වනදා ඇතිවූ කලහකාරි සිද්ධියට අදාළව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ ඇප මත මුදාහැරුණා.

ඒ, ඔහු ඊයේ දහවල් කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප 02 ක් මත මුදා හැරීමටයි.

ඩුබායි හි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඔහු පෙරේදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යූ ටියුබ් චැනලයක් හරහා ඔහු සිදුකර ඇති ප‍්‍රකාශ මැයි 09 වනදා ඇති වූ කලහකාරි තත්ත්වයට ඉවහල් වී ඇති බවයි.

ඔහුගේ ක‍්‍රියා කලාපය කුමත‍්‍රණකාරි බවත් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස දැන්වුවද එසේ නොකර රටෙන් පැනගොස් සිටි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, සැකකරුගේ නීතිඥයින් අදාළ චෝදනා ප‍්‍රතික්ෂේප කළ අතර එහිදී කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සැකකරුට නියෝග කළේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ප‍්‍රකාශයක් හෝ මහජන කෝප කිරීම් සිදුකෙරෙන ප‍්‍රකාශ සිදුනොකළ යුතු බවටයි.

එසේ කටයුතු කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකරන බව මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required