
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඒ සඳහා නිසි ප‍්‍රතිචාරයක් ලබානොදුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බවයි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු ඡන්ද විමසීමට දායකත්වය ලබාදෙන ආයතනවලට අත්තිකාරම් මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර, එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා මහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක මුදලක් ඉල්ලූ බව ඔහු සඳහන් කළා.
මේ අතර, වෙනත් ජන්ද වීමසීම්වලට සාපේක්ෂව මෙම ඡන්දයේ නාමයෝජනා භාරදී ගෙවි ගිය සති දෙක තුළ සාමාකාමි තත්වයක් පවතින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.