වර්ෂ 1948 පෙබරවාරි මස 04 වන දින ලංකාවට සුවිශේෂී දිනයකි. එසේ වන්නේ 133න් වසරක් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවති ලංකාව එතැන් පටන් නිදහස් භූමියක් ලෙස ප්‍රකාශ වීම නිසාය. මෙසේ ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළැඹුණු සුබ මොහොතින් ය. නිදහසින් පසු ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස් මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ කොළඹ රජ වසලේදී ය.
එම අවදියේ දී නිදහස් උත්සවය සමඟ සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකු ද එදින නිදහස ලැබීය. මෙම 4,5 දෙදින තුල සත්ත්ව ඝාතන ස්ථාන පවා වසා දැමීය.
මුළු ලංකාවම සතුටු වූ මුළු ලංකාවම අත්පොලසන් නැංවූ දිනයක් ලෙස එදා හඳුනා ගත හැකිය. නමුත් 75 වසරක් ගෙවී ගිය ද ඒ ලැබූ නිදහස අභීමනයෙන් සැමරීමට ජනයා දෙවරක් සිතයි. ජීවන බර, ආදායම හා වියදම, රැකියා ප්‍රශ්න, අධ්‍යාපන ගැටළු, රටේ ණය ප්‍රශ්න, බඩු මිල මේ සියල්ල රටේ ඉහළින්ම ඇත. මෙවන් පසුබිමක ජනතාවට ඇති ගැටලුව වන්නේ කෙසේ නම් නිදහස සමරන්නේ ද යන්නයි.
වෙනදා මෙන් ජාතික කොඩි පාරක්, කඩයක්, නිවසක්, පොදු ස්ථානයක තුළ දැක ගත හැකි වූයේ ඉතාමත් අඩුවෙනි. වෙනදා මෙන් ජනතාව තුළ සතුටුදායක හැගීමක් නොතිබුණි. එදා සෑම ගෙදරකම කිරිබත් ඉදුණි ද මෙවර එසේ නොවීය. සමාජ මාධ්‍ය තුළ දැක ගත හැකි වූයේ මිනිසුන්ගේ හැගීම් ය. කණගාටුවකි.
රටක් ලෙස මෙවැනි තත්වයක නිදහස් දිනය සැමරීම කෙසේ කරන්නේ ද යන්න ගැටලූවකි. එසේම සැබෑ නිදහස නම් මේ රටේ සෑම මනුස්සයෙක්ගේ ම කුස පිරීමයි. සෑම දෙනෙක්ම සතුටින් සිටීමයි. මිනිසුන්ට එදා වේල පිරිමහගන්න නොහැකිව සියදිවි නසා ගැනීම් අද වන විට බොහෝ සෙයින් වාර්තා වේ. නමුත් ඒවනි තොරතුරු වාර්තා නොවන දිනක ලංකාව සැබෑ නිදහස සමරනු ඇත.
භාග්‍යා බණ්ඩාර.