/
/
title icon
හෙට වෘත්තියවේදීන් කොළඹට – වෛද්‍යවරුන් පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි.
හෙට වෘත්තියවේදීන් කොළඹට – වෛද්‍යවරුන් පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි.
Editor
2 years ago
Share:
හෙට වෘත්තියවේදීන් කොළඹට – වෛද්‍යවරුන් පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි.

හෙට සියලූ වෘත්තීයවේදීන් විසින් කැඳවන දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් හරිත අළුත්ගේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේ, සමස්තයක් ලෙස එදිනට පෞද්ගලික අංශය හදිසි ප‍්‍රතිකාර කටයුතු හැර අනෙකුත් සියලූ ප‍්‍රතිකාර කටයුතු අකර්මන්‍යව පවතින බවයි.

මේ අතර, රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළකිරීම සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිස ඊයේ කොළඹ – රීගල් සිනමා ශාලාව ඉදිරිපිටට රැස්වුණා.

අනතුරුව ඔවුන් පා ගමනින් මුදල් අමාත්‍යාංශයට ගමන් ආරම්භ කරන අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් හටගත්තා.

කෙසේ වෙතත්, ඔවුන් අතරින් 10 දෙනෙකුට මුදල් අමාත්‍යාංශය වෙත ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමි වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required