
ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55 ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමණාකරණ ඒකක 32 ක් අත්හිටුවීම සඳහා ලබාදුන් නිර්දේශ මගින් මසකට රුපියල් මිලියන 500ක මුදලක් ඉතිරි කරගැනිමේ හැකියාව පවතින බව විදේශ ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිළිබද පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව පවසනවා.
එම කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55 ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමණාකරණ ඒකක 32 ක් අත්හිටුවීමට ව්‍යාපෘති කළමනාකරණ ඒ්කක 46 ක් අවම කාර්ය මණ්ඩල සහිතව පවත්වා ගෙන යාම යෝග්‍ය බවට නිර්දේශ කර තිබුනා.
ද්වි පාර්ශවික ගිවිසුම් මත ආරම්භ කළ නමුත් ආධාර නොලැබුණු මහා පරිමාණ ව්‍යපෘතිවලට අදාළ කාර්යාල මෙලෙස වසා දැමෙන බවයි අප කළ විමසිමකදී එම කමිටුවේ සභාපති හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන කමල් පද්මසිරි සදහන් කළේ.
ඔවුන්ගේ වාර්තාව පසුගිය නොවැම්බර් මාසයේද ජනාධිපති ලේකම්වරයාට භාරදී තිබූ අතර, එය නිර්දේශ සදහා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කිරිමෙන් පසු අනුමැතිය හිමිවු බවයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.