
රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා පැය විසි හතරක සංකේත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන් ආරම්භ කරන වෘත්තිය ක‍්‍රියාමාර්ගයට තම සහය ලබා නොදෙන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.
එමෙන්ම, බදු ප‍්‍රතිපත්තියට සහ සේවකයන්ට මෙතෙක් නොගෙවූ හිඟ දීමනා ලබාදීමට බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති අද අසනීප නිවාඩු වාර්තා කර විරෝධතාවල නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියා.
මේ අතර බදු ප‍්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවද අද පස්වරු දෙකට කොළඹ හයිඩ් පිටිය කේන්ද්‍ර කරගනිමින් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
කෙසේ වෙතත්, මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක ප‍්‍රකාශ කළේ පවතින ආර්ථික තත්වයෙන් රට ගොඩනැගීමට කෙටි කාලීන ක‍්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම් මත බදු පැනවීම සිදුකළ බවයි. මෙම නව බදු ක‍්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ඉතා අඩු ප‍්‍රතිශතයක් බවත් ඔහු කියා සිටියා. ඒ, උපයන විට අයකරන නව බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව වෘත්තිය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමකදියි.