
75 වන ජාතික නිදහස් සැමරුම් දින නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් එක් කෝටි එකොළොස් ලක්ෂ තිස් දහස් එකොළහයි ශත 29 ක් බව ජනාධිපති කාර්යාලය ප‍්‍රකාශ කරනවා. ඒ, අදාළ වියදම් පිළිබඳ පළවන ඇතැම් සාවද්‍ය පුවත් ප‍්‍රතික්ෂේප කරමින්.
එසේම මෙම උත්සවය වෙනුවෙන් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8 ක් වැය කර ඇති බවට සඳහන් වාර්තාද ප‍්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.
සම්භාවනීය අමුත්තන් 3,200 ක් පමණ මෙන්ම ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 6,670 ක් ඇතුළු විශාල පිරිසක් එක්වූ උත්සවය වෙනුවෙන් සහ එහි පෙර පුහුණුවීම් වෙනුවෙන් ප‍්‍රමාණවත් පරිදි ජංගම වැසිකිලි පහසුකම් සැපයීම, සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ පියවරක් වන අතර, එය කිසිසේත් අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකි බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.