
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3 කට ආසන්න කාලයක් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පෙරේදා මෙම ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණේ ජනාධිපති මන්දිරයේ තිබී පසුගිය අරගල කාලසීමාවේදී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල් සම්බන්ධයෙනුයි.
අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් එම ප‍්‍රකාශය සටහන් කරගෙන තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.