
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළව පී.එස්.එම්. චාල්ස්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත යොමුකළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා. පසුගියදා ඇය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ඉල්ලා අස්වීමට අදාළ තීරණය දැනුම්දී තිබුණා.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පවතින තත්ත්වය වාර්තා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ කිසිදු අයුරකින් මුදල් මත පදනම් වෙමින් ඡන්දය කල් දැමීම සිදුකල නොහැකි බවයි.
මේ අතර, ආදීවාසීන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සදහා වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදි ලියාපදිංචි කරන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගෙ වන්නිලැත්තන් ප‍්‍රකාශ කළා.