
ඇමරිකානු අහසේදී පසුගියදා වෙඩි තබා බිම හෙලූ බැලූනය, චීන හමුදාව ඔත්තු බැලීම සදහා භාවිතා කර ඇති බව ඇමරිකානු බුද්ධි අංශ ප‍්‍රකාශ කර තිබෙනවා.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වම්න් එහි උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ චීනය උපායමාර්ගික ප‍්‍රදේශවල බුද්ධි තොරතුරු රැස් කිරීම සදහා මෙවැනි බැලූන භාවිත කර ඇති බවට තමන් විශ්වාස කරන බවයි.