
පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330 දක්වා පහත වැටී තිබෙනවා. මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360 ක් ලෙසයි. ඒ අනුව රුපියල් 30 කින් පරිප්පු කිලෝවක තොග මිල පහත වැටී තිබෙනවා.
මේ අතර, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110 කට සහ ආනයනික අල කිලෝවක් රුපියල් 100 කට තොග වෙළඳපොලේ අලෙවි වනවා.
එමෙන්ම, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 215 සිට 230 දක්වා ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ආනයනික සුදු සීනි තොග මිල තවදුරටත් පවතින්නේ රුපියල් 215 ක මට්ටමකටයි.