
කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් මුදල්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමටයි කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී පියවර ගෙන ඇත්තේ. එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම මුදල් හිටපු ජනාධිපතිවරයාට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
පසුගිය වසරේ ජුලි මස 09 වන දින ජනපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු අවස්ථාවේ එහි කාමරයක තිබී රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලක් හමුවූ අතර පසුව එය අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණා.
මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කළේ මුදල් නිදහස් කිරීමට පෙර අල්ලස් පනත යටතේ හෝ මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකල යුතු බවයි.