/
/
title icon
PAYE TAX ගණනයෙන් මූල්‍ය නොවන වරප‍්‍රසාද ඉවත් කෙරේ.
PAYE TAX ගණනයෙන් මූල්‍ය නොවන වරප‍්‍රසාද ඉවත් කෙරේ.
Editor
2 years ago
Share:
PAYE TAX ගණනයෙන් මූල්‍ය නොවන වරප‍්‍රසාද ඉවත් කෙරේ.

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා සේවකයන්ගේ උපයන විට බදු අයකරන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ එම සංශෝධනය සිදුකරමින් චක‍්‍රලේඛයක්ද නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව මීට පෙර චක‍්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප‍්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබෙනවා.

නිවාස කාණ්ඩය යටතේ දැනට රුපියල් ලක්ෂ 02 ට අඩු ආදායම් ලබාගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් විසි දහසක් හෝ සියයට 12.5 ක් ලෙස සහ රුපියල් ලක්ෂ 02 කට වඩා ආදායම් ලබාගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැළකූ ප‍්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5 ලෙස සංශෝධනය කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5000 ක හෝ වැටුපෙන් සියයට 2.5 ක ප‍්‍රතිලාභය නව චක‍්‍රලේඛය මගින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වාහන කාණ්ඩයද නව චක‍්‍රලේඛය මගින් සංශෝධනය කිරීමටයි මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එන්ජින් ධාරිතාවය සහ සෙන්ටිමීටර් 1800 ට අඩු සහ ඝන සෙන්ටිමීටර 1800 ට වැඩි ලෙස පිළිවෙලින් රුපියල් පනස් දහසක් සහ රුපියල් හැත්තෑ පන්දහසක් ලෙස සැළකූ ප‍්‍රතිලාභය වාහනය සඳහා රුපියල් විසි දහසක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

ඒ යටතේම රියදුරු සඳහා රුපියල් දස දහසක් සහ ඉන්ධන සඳහා රුපියල් විසි දහසක් ලෙස වෙනස් කරමිනුයි නව බදු චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ. එමෙන්ම ඉන්ධන දීමනාව සියයට 100 ක් ලෙස බද්දට යටත්වූ අතර එය සියයට 25 දක්වා අඩුකර තිබෙනවා.

මේ අතර බදු සංශෝධන පිළිබඳව ඉදිරි කටයුතු සිදුකරන ලෙසට සියලූ දිස්ත‍්‍රික් ලේකම්වරු සහ ප‍්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පියවරගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required