
විදුලි ගාස්තු ඉහල නොදමන්නැයි පාර්ශව රැසක් මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ, යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ පැවති මහජන උපදේශනයේදී අදහස් දක්වමින්. එහිදී වානිජ මණ්ඩල සාමාජිකයින්, කර්මාන්ත ආයතන නියෝජනය කරන සමාගම්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයින් ඇතුළු සියළු දෙනා විදුලි ගාස්තු නැවත ඉහල දැමීමට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා.
මෙම අදහස් සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිසමේ තීරණය ප‍්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.
මේ අතර, උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද යළි සළකා බැලීමට නියමිතයි.
පසුගියදා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියේ මෙම පෙත්සම ගොනු කිරීමට සහ පවත්වාගෙන යාමට කොමිසමේ සාමාජිකයින් බලය පැවරූ ලේඛන අධිකරණය හමුවට කැඳවන ලෙසයි. එම ලේඛන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.
එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් පසුගිය 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළා. උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.