/
/
title icon
සාම්ප‍්‍රදායික දේශපාලනය අවලංගුයි – වෙනස්වීම තමන්ගෙන් අරඹමු – ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති කියයි.
සාම්ප‍්‍රදායික දේශපාලනය අවලංගුයි – වෙනස්වීම තමන්ගෙන් අරඹමු – ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති කියයි.
Editor
2 years ago
Share:
සාම්ප‍්‍රදායික දේශපාලනය අවලංගුයි – වෙනස්වීම තමන්ගෙන් අරඹමු – ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති කියයි.

තවත් වසර 03 ක් ගතවද්දී අද ලබන ආදායමට වඩා 75% ක පමණ වැඩි ආදායමක් ලබා ගැනීමට රටේ ජනතාවට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා. ඒ, 09 වන පාර්ලිමේන්තුවේ 04 වන සැසිවාරය ඊයේ විවෘත කිරීමෙන් පසු රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින්.

රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට අර්බුදයෙන් මුදාගත් පසුව ඒ පිළිබඳව සිතන ලෙස ප‍්‍රකාශ කළා.

සාම්ප‍්‍රදායික දේශපාලනය අවලංගු බවත්, වෙනස්වීම තමන්ගෙන් ඇරඹිය යුතු බවත්, ඉදිරි වසර 25 වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති සිව්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප‍්‍රමුඛ උත්තර සභාගය, ඩලස් අලහප්පෙරුම ප‍්‍රමුඛ නිදහස ජනතා සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, උත්තර සභාගය, නිදහස ජනතා සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා සභාගර්භයට පැමිණෙන අවස්ථාවේදී සටන්පාඨ කියමින් සභා ගර්භයෙන් පිටව ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක සහ ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න යන මන්ත‍්‍රීවරුන් සභා ගර්භයේ රැඳී සිටින අකාරය දැකගත හැකිවුණා.

සමගි ජනබලවේගය සභාව ඊයේ වර්ජනය කළත්, ඔවුන් සමඟ සන්ධානගතව සිටින පක්ෂවල මන්තී‍්‍රවරුන් වන මනෝ ගනේෂන්, වී.රාධක්‍රිෂ්ණන් සහ එස්. උදයකුමාර් සභාගර්භයේ රැඳී සිටියා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ඊයේ සභාවට පැමිණ සිටි ආකාරය දැකගත හැකිවුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required