/
/
title icon
ශ්‍රී ලංකාවේ 35% ක් ආහාර වේලට පහර ගසයි.
ශ්‍රී ලංකාවේ 35% ක් ආහාර වේලට පහර ගසයි.
Editor
2 years ago
Share:
ශ්‍රී ලංකාවේ 35% ක් ආහාර වේලට පහර ගසයි.

මෙරට ජනගහනයෙන් සියයට 35ක් තමන් ගන්නා ආහාර වේල් ප‍්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ග‍්‍රාමීය පවුල් 10න් 9ක් ද, වතුකරයේ පවුල් 10න් 8ක් ද, දෛනිකව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්, ඊට ප‍්‍රධාන හේතුව ලෙස ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල ආදායම අඩු වීම බවද එහි දැක්වෙනවා.

දෙසැම්බර් මාසය තුළ සහය අවශ්‍ය පවුල් වලින් සියයට 10කට පමණ රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර ලැබී තිබෙන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට ජනගහණයෙන් සියයට 67ක් තමන් ප‍්‍රිය කරන ආහාර ගැනීම අත්හැර මිලදී ගත හැකි ආහාරවලට යොමුවී තිබෙනවා. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 68ක් ආහාර පදනම් කරගනිමින් දෙසැම්බර් මාසය තුලදී ක්‍රියාමර්ග වලට යොමුව තිබෙනවා.

වතුකරයේ පවුල් සියයට 38ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවුල් සියයට 34ක් සහ නාගරික පවුල් සියයට 28ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළන බවයි එම වාර්තාවේ දක්වා ඇත්තේ.

මේ අතර දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවයේ වැඩිම පළාත ඌව වන අතර ආහාර අනාරක්ෂිත භාවය අඩුම උතුර පළාත ලෙස එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required