/
/
title icon
බුත්තල දෙවරක් සෙලවෙයි.
බුත්තල දෙවරක් සෙලවෙයි.
Editor
2 years ago
Share:
බුත්තල දෙවරක් සෙලවෙයි.

වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප‍්‍රදේශයේ ඊයේ සුළු භූ චලන දෙකක් වාර්තා වුණා. භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ ඊයේ දහවල් 12 ත් 1 ත් අතර මෙම භූ චලන වාර්තා වූ බවයි.

පළමු භූ චලනය අද දහවල් 12.11 ට වාර්තා වූ අතර එය සටහන් වී තිබුණේ රික්ටර් මාපකයේ ඒකක 3 ක් ලෙසටයි. අනෙක් භූ චලනය ඊයේ දහවල් 12.39 ට පමණ වාර්තා වුණා.

භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප‍්‍රකාශ කළේ එම චලන දිවයිනේ සියලූ භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී තිබූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required