
ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුනඛයින් සඳහා වන්ද්‍යාකරණ වැඩසටහන නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි ප‍්‍රකාශ කළා.
මෙම වැඩසටහන හරහා සුනඛයන් හිංසනයට ලක්වන බව පවසමින් මෙරට පශු වෛද්‍ය සහ සත්ව ක‍්‍රියාකාරී සංගම් දැක්වූ විරෝධය හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.