/
/
title icon
IMF ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ගැන විමසිල්ලෙන්.
IMF ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ගැන විමසිල්ලෙන්.
Editor
2 years ago
Share:
IMF ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය ගැන විමසිල්ලෙන්.

පවතින ආර්ථික අර්බුදයෙන් ශ‍්‍රී ලංකාව මුදා ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ඩොලර් බිලියන 2.9 ක ණය මුදලට අනුමැතිය ලබා දීම රඳා පවතින්නේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය සහන පිළිබඳ සහතික ලබා ගැනීම මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප‍්‍රකාශක ටීන් යැන්ග් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ආර්ථික පුවත් සේවය වාර්තා කළේ ශ‍්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධ වෙමින් දේශීය ප‍්‍රතිසංස්කරණ ද ඉදිරියට ගෙන යමින් පවතින බවයි.

ඒ අනුව විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම, අදාළ ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය මත සිදුවනු ඇති බව ද ඔහු සදහන් කර තිබෙනවා.

‍ශ‍්‍රී ලංකා බලධාරීන් අදාළ සහතික ලබාගෙන සෙසු අවශ්‍යතා ද සපුරාගත් වහාම, මෙම ණය පහසුකම අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකි බවයි එම ප‍්‍රකාශකයා පෙන්වා දී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required