
ඉන්දීය චන්ද්‍රිකාවක කොටස් ත‍්‍රිකුණාමලය මුහුදු තීරයට කඩාවැටී තිබෙනවා. මේ බව අනාවරණ වී ඇත්තේ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයෙකු ධීවර දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමත් සමඟයි.
ඉන්දීය අභ්‍යවකාශ නිරීක්ෂණ සංවිධානය ඊයේ පෝලා නැමති චන්ද්‍රිකාවක් කක්ෂ ගත කර තිබෙනවා. මෙහි අබලි කොටස් මෙරට මුහුදු සීමාවට පතිත විය හැකි බවට ඉන්දියාව විසින් මෙරට නාවික හමුදාව ද දැනුවත් කර තිබූ බව සඳහන්.
එවැනි අබලි කොටස් කිහිපයක් මෙලෙස ත‍්‍රිකුණමලයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයට පතිත වී ඇති බව සමුද්‍රීය නාවික ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නිරීක්ෂණය වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඉන්දියාවේ ආන්ද්‍රාහි ශ‍්‍රී හාරිකොට් ප‍්‍රදේශයේදී ඊයේ පෙරවරු 9.18 ට පමණ මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කර ඇති අතර එය අඩු වියදමකින් නිෂ්පාදනය කරන ලද එකක් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පෘථිවි උෂ්ණත්වය, සන්නිවේදන සහ විකිරණ සම්බන්ධතා පිළිබදව නිරික්ෂනය කිරීම මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අරමුණ වී තිබුණා.