/
/
title icon
විදුලිබල මණ්ඩලයට එරෙහි මානව හිමිකම් කොමිසමේ අපහාස පෙත්සමත් ප‍්‍රතික්ෂේපයි.
විදුලිබල මණ්ඩලයට එරෙහි මානව හිමිකම් කොමිසමේ අපහාස පෙත්සමත් ප‍්‍රතික්ෂේපයි.
Editor
2 years ago
Share:
විදුලිබල මණ්ඩලයට එරෙහි මානව හිමිකම් කොමිසමේ අපහාස පෙත්සමත් ප‍්‍රතික්ෂේපයි.

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස මානව හිමිකම් කොමිසම කළ විධානය කඩ කරමින් අපහාස කළ බවට, විදුලි බල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

දින දෙකක් පුරා දීර්ඝ කරුණු අධ්‍යයනයකින් අනතුරුව ඊයේ මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කළේ මානව හිමිකම් කොමිසම ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු අනාවරණය වී නොමැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි සළකා බැලූ අවස්ථාවේදීයි.

විදුලි කප්පාදුව සිදු වීම නිසා විභාගයට මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට දෙමව්පියන් පැමිණිලි කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සිය පෙත්සමෙන් දක්වා තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required