
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව යොමු කළ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක පමණ ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියා.
එසේම, ඔහු තවදුරටත් කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම පෙබරවාරි 19 වනදා සිදුකිරීමට නියමිතව ඇති බවයි.