
කල්පිටිය – කුඩාව වෙරළ තීරයට තල් මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික‍්‍රමසූරිය සඳහන් කළේ පෙරේදා රාත‍්‍රියේ මෙම වෙරළට ගොඩගසා ඇති බවට විශ්වාසය පළ කෙරෙන බවයි. ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා.
තල් මසුන් 11 දෙනෙකු ආරක්ෂිතව දියඹට මුදා හැරීමට නාවික හමුදාව, වනජිවි නිලධාරින් මෙන්ම, ප‍්‍රදේශයේ ධීවරයන් කටයුතු කළා.
මෙම තල්මස් විශේෂය ෆයිලට් වේල්ස් නමින් හඳුන්වන අතර, සමූහයක් ලෙස මුහුදේ සැරිසරන සත්ත්ව විශේෂයක්.
මේ අතර, තල්මසුන් මත නැගී කුඩා දරුවන් විවිධ කි‍්‍රයාකාරකම්වල යෙදෙන ඡායාරූපද සමාජ මාධ්‍යයේ පැතිර ගිය අතර, එහිදී සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා වැඩිහිටියන් දරුවන්ට මග පෙන්වීමේ වැදගත්කම අවධාරණය කර තිබුණා.
ගැඹුරු මුහුදේ ජීවත් වන තල්මසුන් මෙලෙස වෙරළට පැමිණීම සම්බන්ධයෙන් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තල්මසුන් මෙලෙස ගොඩබිමට පැමිණීමට හේතුව කායික රෝග හෝ පරපෝෂිතයන්ගෙන් ඇති වූ බලපෑමක් හෝ භූ කම්පන තත්ත්වයක් විය හැකි බවයි.