
උතුරේ අවතැන් වූ පවුල් 197 ක් සඳහා චෙක්පත් සහ ඉඩම් හිමිකම් ප‍්‍රදානය කිරීම ඊයේ සිදුකෙරුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් එය සිදුකෙරුණු බවයි.
මේ අතර, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවටද ඊයේ ජනාධිපතිවරයා එක්වුණා. එහිදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවීම සඳහා ඉන්දියාව සහය ලබාදුන් බවයි.
සංහිදියාව, සංවර්ධනය සහ සංස්කෘතිය ප‍්‍රතිපත්තිය කොට ගෙන රට ඉදිරියට ගෙන යෑම රජයේ ප‍්‍රතිපත්තිය බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර, සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත්, ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප‍්‍රමාණය මත බවත්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ උතුරේ ගැටළු පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.