
රෝගී ප‍්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප‍්‍රමාණයක තොග මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව කියා සිටියේ බාහිර රෝගී අංශ මගින් ලබාදෙන ඖෂධ රැසක් මේ අතරට ඇතුළත් බවයි.
ඒ අනුව, ඇස්ප‍්‍රීන්, ඉන්සියුලීන්, මෙට්ෆොමින් සහ මූලික වේදනා නාශක මෙන්ම කුඩා ළමයින්ට ලබාදෙන සිරප් වර්ග හිඟ වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වීමට සැළසුම් කර ඇති ඖෂධවලින් සියයට 80 ක පමණ ප‍්‍රමාණයක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.